එළබෙන නිදහස් දිනයදා හල්මිල්ල කුලම වැව අශ්රිතව ක්රියාත්මක කිරීමට යෝජිත රුක් රෝපන වැඩසටහන ක්රියාත්මක කිරීම සදහා වු මුලික ශ්රමදාන වැඩ සටහනක් 334 වසමේ සමෘද්ධී ප්රජාමුල සංවිධානය මගින් 2022.01.27 දින පවත්වන ලදි.
ප්රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ උපදෙස් මත ක්රියාත්මක වු මෙම ශ්රමදාන වැඩසටහන වසම්භාර සමෘද්ධී සංවර්ධන නිළධාරී එච්.බී ගුණරත්න මහතා ගේ සංවිධානයෙන් ග්රාම නිළදාරී චමල් ධනපාල මහතාගේ සහ සංවර්ධන නිලධාරී හේරත් මහතාගේ උපරිම දායකත්වය හා සහයෝගය මත සිදුවිය. මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා ප්රාදේශීය ලේකම් තුමන්ද මෙම අවස්ථාවට එක්ව සිටින ලදි.
ග්රාම නිළදාරී චමල්ධනපාල මහතා ,සංවර්ධන නිලධාරී හේරත් මහතා සහ කළාප සහකාර සීවලී තෙන්නකොන් මහතා සහ සමෘද්ධී සංවර්ධන නිලධාරී එච්.බී.ගුණරත්න මහතාද මෙම අවස්ථාවට එක්වුහ.















