නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශේෂ සම්බන්ධීකරණ කමිටු රුස්වීම පාර්ලිමේන්තු මංත්‍රී හා සම්බන්ධීකරණ කමිටු සභාපති කේ.පී.එස්. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වන දින නොච්චියාගම දොන් බොස්කෝ ආයතනයේදී පැවැත්විණී.
නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.බී. ගුණරත්න මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් හා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු ආයතන ප්‍රධානීන් හා රාජ්‍ය නිළධාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 2022 වසර සදහා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදු කරණු ලබන ආකාරය පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන ලදි.
කාර්තුමය වශයෙන් මෙවර ව්‍යාපෘති ක්‍රියාවට නැංවෙන බැවින් ඒ සම්බන්ධව විශේෂ අවධානය යොමු කර චක්‍රලේඛණවලට අනුගත වෙමින් ජනතාවට උපරිම ප්‍රයෝජන ලැබෙන ලෙස කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මංත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා මෙහිදී අවධාරණය කරන ලදි.
ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා පවසා සිටියේ කඩිනමින් නිවැරදි තොරතුරු හා ප්‍රථිලාභීන් නම් කිරීම තුල ඒ ඒ කාර්තුවට අනුව ව්‍යාපෘති අවසන් කල හැකි බවයි. ඒ අනුව ප්‍රදේශයට ලැබෙන සියළුම ප්‍රථිලාභ ජනතාව අතරට ලබාදීමට හැකිවන බවයි. සියළු ආයතන හා නිළධාරීන් එකට එක්ව විනිවිධ භාවයෙන් කටයුතු කිරීම තුලින් කිසිදු මුදලක් නැවත හරවා යැවීමට ඉඩ නොදී සියළු ප්රතිපුදාන ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා යොදවා ගැනීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටින ලදි. නියෝජ්‍ය අධ්යක්ෂ තුමන් විසින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සමාලෝචනයක්ද සිදුකරන ලදි.















