කොව්ඩ් වසංගත තත්ත්වය සමග විධිමත් අධ්‍යාපනයෙන් දිගු කලක් බැහැර ව සිටි බොහෝ පාසල් දරුවන් තුළ අධ්‍යාපනය කෙරෙහි උනන්දුව අඩු වීමක් විශාල වශයෙන් දක්නට ලැබේ . එම දරුවන් තුළ අධ්‍යාපනය සදහා ඇති උනන්දුව වැඩි කරමින් ඔවුන් විශිෂ්ටයින් බවට පත්කිරීම උදෙසා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳගනිමින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරාවට පාසල් කේන්ද්‍ර කරගෙන " වැඩ ලෝකය හදුනාගැනීම හා අධ්‍යාපනයට පෙළඹවීම " මැයෙන්  වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.

එහි ආරම්භය ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ මූලිකත්වයෙන් 2022.02.02 දින පහලමාරගහවැව අ/ විද්‍යාර්ථ මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. අත්දැකීම් සහිත රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු වශයෙන් කටයුතු කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයා පාසල් වියේ කටයුතු කරන ලද ආකාරයෙන් ලබාගත් පන්නරය, දියුණු කරගත් කුසලතා ,රාජ්‍ය සේවය, පෞද්ගලික රැකියා අවස්ථා ඉලක්ක අරමුණු ඔස්සේ කටයුතු කිරීමේ වැදගත් කම ආදී දරුවන් සදහා ජීවිත ජයග්‍රහණය සදහා  මගපෙන්වීම් ලැබෙන හරවත් දේශණයක් සිදුකරන ලදී.

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි එම්. චානිකා ලලංජනී ගුණරත්න මහත්මිය වැඩසටහන සංවිධානය කරමින් වැඩ ලෝකය හදුනාගැනීම වැඩසටහන සදහා සම්පත්දායකත්වය ලබාදුන් අතර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි වසන්ත විජේසිංහ මහතා සහ මානව සම්පත් සංවර්ධන නිලධාරි අමිලා හෙට්ටිආරච්චි මහත්මිය විසින්ද සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

News15

News15

News15

News & Events

News & Events

Scroll To Top