අංක 349 නැලවගම සේවා පියස නවීකරණය කිරීම හා 350 පහළ හල්මිල්ලෑව සේවා පියස ආරම්භ කිරීමට මුල්ගල තැබීම 2022.02.03 දින, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නොච්චියාගම සම්බන්ධීකරණ කමිටු සභාපති කේ.පී.එස්. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
මෙම අවස්ථාවට නොච්චියාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් වන්නිනායක මහතා, ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් කුසලා විජේරත්න මෙනෙවිය ඇතුළු රාජ්‍ය නීලධාරීන් හා ප්‍රදේශවාසීහූ සහභාගී වූහ.

















