නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 334-නොච්චියාගම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි නිවසක් නොමැති පිළිකා රෝගයෙන් පෙළෙන මවක් හා දරුවන් වෙනුවෙන් නව නිවසක් ඉදි කිරීම සඳහා මුල් ගල තැබීම 2022.03.02 දින සිදු කරන ලදී.

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ හා 334 වසමේ ග්‍රාම නිලධාරී චමල් ධනපාල මහතාගේ සම්බන්ධීකරණය මත, තඹුත්තේගම වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ ඇතුළු තරුණ බෞද්ධ සංගමයේ හා තවත් පරිත්‍යාගශීලින්ගේ මූල්‍යමය, ද්‍රව්‍යමය, ශ්‍රම දායකත්වය මත මෙම නිවස ඉදි කිරීම සිදු කරනු ලැබේ. නිවස ඉදි කිරීම සඳහා බිම් කොටස නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාමික පරිපාලන ග්‍රාම නිලධාරී එස්. අබේවර්ධන මහතා විසින් පරිත්‍යාග කරන ලදී.

නිවස සඳහා මුල් ගල තැබීමේ අවස්ථාවට තඹුත්තේගම වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානයේ ස්වාමීන්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් කුසලා විජේරත්න මෙනවිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා නිවස ඉදි කිරීම සඳහා අනුග්‍රහය ලබා දෙන පරිත්‍යාගශීලීන් රැසක් එක්වූහ.

News15

News & Events

News & Events

Scroll To Top