ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ මග පෙන්වීම යටතේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන් රැසක් විවිධ අංශයන් මගින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය පුරා සංවිධානය කර තිබුණි. ඒ අතරින් 336 දුණුදඹුවැව සමෘද්ධි නිළධාරිණී බිසොමැණිකේ මහත්මිය ඇතුළු ප්‍රජාමුල සංවිධානය සංවිධානය කල ගැබිණි මව්වරුන් ඇගයීමේ හා රසවින්දනාත්මක දැනුවත් කිරීමේ වැඩ සටහන 2022.03.16 වෙනි දින දොන් බොස්කෝ ආයතනයේදී පැවැත්විණි.
ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමන් ඇතුළු නිළධාරී රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ගැබිණි මව්වරුන් සදහා තිළිණ හා රසකැවිළි බෙදා දීම ද සිදු කෙරිණි.















