නොච්චියාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය සංවිධානය කරන ලද ඉඩම් ජංගම සේවයක් 2022.06.09 දින 326 ඇහැටුවාගම ග්රාම නිලධාරී වසමේදී පවත්වන ලදී.
පසුගිය වසරේ පවත්වන ලද ඉඩම් කච්චේරියෙන් තෝරා ගන්නා ලද පුද්ගලයන්ට බලපත්ර ලබා දීම, ගැණුම් මිල යටතේ බලපත්ර ලබා ගැනීමට සුදුසුකම් ලද පුද්ගලයන්ට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කිරීම, බලපත්ර වල පසු උරුම නම් කිරීම ඇතුළු කාර්යයන් රැසක් ඉටු කරන ලදී.















