"එක්ව වවමු - රට දිනවමු" ආහාර බෝග වගා කිරීමේ ජාතික සංග්‍රාමය සම්බන්ධව නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය නිළධාරීන් හා ස්වේච්ඡා සමිති දැනුවත් කිරීමේ වැඩසටහනක් නොච්චියාගම දොන් බොස්කෝ ආයතනයේදී 2022.06.17 දින පැවැත්විණි. නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලද අතර, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක, තඹුත්තේගම මහවැලි නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකරු යන නිලධාරීන් මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලදී.

News15

News & Events

News & Events

Scroll To Top