ඉන්දීය රජයේ සහනාධාරයක් ලෙස අඩු ආදායම්ලාභීන්ට බෙදා දීම සඳහා එවන ලද සහල් තොගයෙන් කොටසක් 2022.08.03 දින තලාව දුම්රිය ස්ථානයේ සිට නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත රැගෙන එන ලදී. එම සහල් තොගය රැගෙන ඒම සඳහා සහාය ලබාදුන් කාර්යාලයේ සියළු නිලධාරීන්ටත්, බහුකාර්ය සහායකයන්ටත්, සිවිල් ආරක්ෂක නිලධාරීන්ටත්, සහල් තොගය ප්‍රවාහනය කර ගැනීම සඳහා ලොරි රථ ලබාදුන් ව්‍යාපාරික සමන් හේවා කණ්ඩම්බි මහතාටත් විශේෂ ස්තූතිය පිරිනමමු.
එම සහනාධාර සහල් 2022.08.04 දින සිට ප්‍රතිලාභීන්ට බෙදා දීමට නියමිතය.















