නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය හා එකමුතු වැඩිහිටි ඒකාබද්ධ බලමණ්ඩලය සංවිධානය කරන ලද ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් උත්සවය 2022.10.05 දින පවත්වන ලදී.
කොට්ඨාසයේ වැඩිහිටි සමිති නියෝජනය කරන වැඩිහිටියන්ගේ නර්තන හැකියාවන් ඉදිරිපත් කිරීම සඳහා නර්තන තරගාවලියක් පවත්වන ලදී. එම නර්තන තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම් වලට මුදල් ත්‍යාග ලබා දුන් අතර, වැඩසටහන සඳහා සහභාගී වූ සියළු වැඩිහිටියන්ට තිළිණයක් ලබා දීමටද කටයුතු කරන ලදී. ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නොච්චියාගම PDG සමූහ ව්‍යාපාරයේ දිලංකගේ ඥානරත්න මහතා ඇතුළු අනුග්‍රාහකයන් රැසක් දායකත්වය දැක්වීය.

















