නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රදේශයේ කලාකරුවන්ගේ කුසලතා ඔප්නංවනු වස් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග සම්බන්ධව වාර්ෂිකව සංවිධානය කර පවත්වනු ලබන සාහිත්‍ය උත්සවය මෙවර 2022 ඔක්තෝම්බර් මස 14 වෙනි දින නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.
ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ මූලිකත්වයෙන් සංස්කෘතික සංවර්ධන නිලධාරි දමයන්ති බංඩාර මහත්මිය කලාකරුවන් සම්බන්ධ කරගනිමින් කාර්යාලයේ නිලධාරින්ගේ ද සහාය ඇතිව වැඩසටහන සම්බන්ධීකරණය සිදුකරන ලදී. ප්‍රාදේශීය සාහිත්‍ය තරඟ මගින් ජයගන්නා ලද තරඟකරුවන් අගය කරමින් ත්‍යාග සහ සහතික පත්‍ර ප්රදානය ද මෙහිදී සිදුකරන ලදී.















