2022 ඔක්තෝම්බර් මස 27 වන දින නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රන්කෙත්ගම හා මිහිරිපුර ග්‍රාම නිලධාරී වසම් මූලික කරගෙන ක්‍රියාත්මක කරන ලද නයි මිරිස් වගා ව්‍යාපෘතියට අදාල භාණ්ඩ ලබාදීම රන්කෙත්ගමදී නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ මූලිකත්වයෙන් Safe Foundation ආයතනය හා IOM ආයතනවල දායකත්වයන් යටතේ සිදුකරන ලදී.
ආර්ථික ගැටලු හා දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන සංක්‍රමණය වැළැක්වීමේ අරමුණෙන් නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. IOM ආයතනය විසින් අරමුදල් ලබාදෙන Safe Foundation ආයතනය මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වැඩසටහන යටතේ මිලියන 17 ක පමණ වියදමින් යුත් උපකරණ මෙහිදී ලබාදෙන ලදී. නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් කුසලා විජේරත්න මෙනවියගේ මූලික අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අදාල ග්‍රාම නිලධාරි වසම්වල සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරින් හා මෙම ව්‍යාපෘතිය සදහා පුහුණු ලැබූ නිලධාරින්ගේ පසුවිපරම් සහ අවශ්‍ය මැදිහත් වීම් මගින් ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට අපේක්ෂිතය. ප්‍රතිලාභීන් 50 දෙනෙකු සදහා මූලික ව්‍යාපෘතිය යටතේ භාණ්ඩ ලබාදෙන ලද අතර ඉදිරියේදී තවත් ප්‍රතිලාභීන් 100 දෙනෙකු සදහා බීජ හා කාබනික පොහොර ලබාදීමට නියමිතය.
















