ත්‍රිපිටකාභිවන්දනා සතිය

ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කෙරෙන යෝජනාවට පූර්වගාමීව මෙම සතිය ක්‍රියාත්මක ය.
ලබන 23 වන දා එම යෝජනාව යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රි ලංකාව ඉදිරිපත් කරන මෙම යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ලබන 23 වන දා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.
ඒ, ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙනි.
ථේරවාදී ත්‍රිපිටකය මෙරට ජාතික උරුමයක් බවට පත් කිරීම පසුගියදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අලුවිහාර පුදබිමේදී සිදු කෙරිණි.
ත්‍රිපිටකාභිවන්දනා සතිය පුරා ආගමික වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව සංවිධානය කර ඇති අතර ජනාධිපති කාර්යාලය පවසන්නේ එම සතිය පුරා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන මෙන්ම නිවාස, රථ වාහන හා මංමාවත්වල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන ලෙස ය.
_උපුටා ගැනීමකි_














