කොවිඩ් උවදුරින් පීඩාවට පත් ගැබිණි මව්වරුන් ඇතුළු පවුල් 55 සඳහා වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ඇහැටුවාගම වසමේ කුඩාවැව විහාරස්ථානයේදී  2021/06/14 දින සිදුවිය. ඇහැටුවාගම වසමේ පදිංචි පරිත්‍යාගශීලීයකු වන මංගල තුසිත වික්‍රමසිංහ මහතාගේ පුර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම ආහාර ද්‍රව්‍ය ලබා දුන් අතර ග්‍රාම නිළධාරී එරන්ද පද්ම විජේදාස මහතා, වසමේ සංවර්ධන නිලධාරී හා සමෘද්ධි සංවර්ධන නිලධාරී මෙහි සියළු සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී. මෙම අවස්ථාවට සමෘද්ධි සංවර්ධණ නිළධාරිණී කේ.ඩී මැණිකේ මහත්මිය, සංවර්ධණ නිළධාරිණී ශිරෝමි ජයලත් මහත්මිය, කුකුල්කටුව විද්‍යාලයේ ආචාර්ය අජිත්  මහතා, මංගල තුසිත මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ද මෙම අවස්ථාවට එක්වූහ. මෙහිදී එක් අයකුට රුපියල් 5000 පමණ වටිනාකමකින් යුතු ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සලය බැගින් ලබාදීමට කටයුතු කර තිබුණී. 326 වසමේ තරුණයින් පිරිසක්ද මෙම සංවිධාන කටයුතු සදහා එක්ව සිටියහ.

News15

News & Events

News & Events

Scroll To Top