සෞභාග්‍යා සතිය නිමිති කරගනිමින් සමෘද්ධි "සිප්දොර" ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම, නව සමෘද්ධි සහනාධාර නිකුත් කිරීම, පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීමේ වැඩ සටහන නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආරම්භ කිරීම 2021.07.04 දින සිදුවිය. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ වසන්ත මහතා ඇතුළු රාජ්‍ය නිළධාරිහු රැසක් මෙම අවස්ථාවට එක් වුහ. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව මෙම වැඩසටහන පවත්වන ලදී.















