සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන " සෞභාග්‍යයා නිශ්පාදන ගම්මාන" ව්‍යාපෘතිය යටතේ 329 කටුපත්වැව ග්‍රාම නිලධාරී වසම කිරි ආශ්‍රිත නිශ්පාදන ගම්මානයක් ලෙස වැඩි දියුණු කිරීමට නියමිතය.සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන " සෞභාග්‍යයා නිශ්පාදන ගම්මාන" ව්‍යාපෘතිය යටතේ 329 කටුපත්වැව ග්‍රාම නිලධාරී වසම කිරි ආශ්‍රිත නිශ්පාදන ගම්මානයක් ලෙස වැඩි දියුණු කිරීමට නියමිතය.

දැනට කිරි ගව පාලනයේ නිරත වන ප්‍රතිලාභීන් 30 දෙනෙකු හට ගව මඩු, තණකොළ කැබලි කරන යන්ත්‍ර, කිරි ගවයන් ආදිය ලබා දීමට නියමිතය. එසේම සෑම ගොවියෙකුටම අවම පර්චස් 20 ක භූමි ප්‍රමාණයක උසස් තත්ත්වයේ තණකොළ වගා කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දෙන අතර, කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය නවීකරණය කිරීමට නියමිතය. එසේම කිරි ආශ්‍රිත නිශ්පාදන හා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමටද බලාපොරොත්තු වේ.මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රතිලාභීන් දැනුවත් කිරීමේ රැස්වීමක් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.07.06 දින කටුපත්වැවදී පවත්වන ලදී. මෙම අවස්ථාවට කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ(සැලසුම්) ගාමිණී මදුරසිංහ මහතා හා සංවර්ධන අංශයේ නිලධාරීන්ද, 329 කටුපත්වැව වසමේ නිලධාරීන්ද සහභාගී වූහ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නොච්චියාගම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තාක්ෂණික දායකත්වය ලබා දෙනු ලැබේ.

News15

News & Events

News & Events

Scroll To Top