"සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන" වැඩසටහන යටතේ 329 කටුපත්වැව සහ 330 පහළමාරගහවැව ග්‍රාම නිළධාරී වසම් කේන්ද්‍ර කර ගනිමින් දියර කිරි ආශ්‍රිත නිෂ්පාදන ගම්මානය වැඩිදියුණු කිරීම ආරම්භ කිරීම 2021/07/17 දින සිදුවිය. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ හා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ වසන්ත මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් කුසලා විජේරත්න මෙනවිය ඇතුළු රාජ්‍ය නිළධාරීන්, දේශපාලන නියෝජිතයින් හා ප්‍රතිලාභීහු රැසක් ද එක්වුහ.
"සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන" වැඩසටහන යටතේ 329 කටුපත්වැව සහ 330 පහළමාරගහවැව ග්‍රාම නිළධාරී වසම් කේන්ද්‍ර කර ගනිමින් දියර කිරි ආශ්‍රිත නිෂ්පාදන ගම්මානය වැඩිදියුණු කිරීම ආරම්භ කිරීම 2021/07/17 දින සිදුවිය. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ හා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ වසන්ත මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් කුසලා විජේරත්න මෙනවිය ඇතුළු රාජ්‍ය නිළධාරීන්, දේශපාලන නියෝජිතයින් හා ප්‍රතිලාභීහු රැසක් ද එක්වුහ. මෙම නිශ්පාදන ගම්මාන වැඩසටහන යටතේ ගව ගාල් ඉදි කිරීම, උසස් තත්ත්වයේ තණකොළ වගා කිරීම, කාබනික පොහොර නිෂ්පාදනය, කිරි ආශ්‍රිත අතුරු නිශ්පාදන වැඩි දියුණු කිරීම, කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය නවීකරණය කිරීම සඳහා ප්‍රතිලාභීන් වෙත මූල්‍ය හා අනෙකුත් පහසුකම් ලබා දීමට නියමිතය. මෙම අවස්ථාවේදීම 351 පහළ කෙඩිතොක්කුව වසමේ සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයින් සදහා ත්‍යාග මුදල් ලබා දීම, 330 පහළ මාරගහවැව වසමේ ප්‍රතිලාභීන් දෙදෙනකු සදහා රුපියල් ලක්ෂ 5 බැගින් වු සමෘද්ධි බැංකුව ණය මුදල් ප්‍රධානයක්ද සිදු කරන ලදී.















