නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධිලාභීන් අතරින් සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම තෝරා ගත් එක් අයෙකු කාබනික පොහොර නිෂ්පාදකයෙකු ලෙස සවිබල ගැන්වීමට නියමිතය. තෝරාගත් ප්‍රතිලාභීන්ට කාබනික පොහොර නිෂ්පාදනය පිළිබදව මූලික දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021/07/19 දින නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව සදහා රනෝරාව හා නොච්චියාගම කෘෂිකර්ම උපදේශක නිළධාරීන් සම්පත් දායකත්වය ලබා දෙන ලදී. සමෘද්ධි කළමණාකාර මහත්ම මහත්මීන්, සමෘද්ධි සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් හා ප්‍රතිලාභීහූ පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.















