2022 අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දැනුවත් කිරීමෙි වි⁣ශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම පාර්ලිමේන්තු මංත්‍රී හා ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපති කේ.පී.එස්. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් නොචිචියාගම දොන් බොස්කෝ ආයතනයේදී අද දින (2021/12/20) පැවැත්වේ. දේශපාලන නියෝජිතයින් හා ප්‍රාදේශිය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු ආයතන ප්‍රධානීන් හා රාජ්‍ය නිළධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටී. මෙහිදි 2022 වර්ෂයේ දී ජීවනෝපාය සංවර්ධනය මුලීක කර ගනිමින් කාර්තු වශයෙන් සංවර්ධන ව්‍යපෘති ක්‍රියාත්මක කල යුතු ආකාරය පිළිබදව පුළුල් දැනුවත් කිරීමක් මෙහිදී සිදු කරනු ලබයි. ප්‍රාදේශිය ලේකම් අසංක රත්නායක මහතාගේ උපදෙස් මත ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිළධාරීන් මෙම රැස්වීම සංවිධානය කරන ලදි.

News15

News & Events

News & Events

Scroll To Top