සමෘද්ධි හා අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරා ගත් ප්‍රතිලාභීන් සඳහා උපකරණ කට්ටල බෙදා දීමේ දෙවන අදියර 2022.01.06 දින රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්.ඒ. වසන්ත මහතා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ සියළු නිලධාරීන් හා ප්‍රතිලාභීන් රැසක් සහභාගී වූහ.



















