අනුග්‍රාහික පදනම මත නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වාණිජ හා කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇති ආයෝජකයන්ට ඔවුන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන  ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුව වෙත කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් 2022.09.14 දින නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ලබා දෙන ලදී.

කොට්ඨාසයේ ඉඩම් අවිධිමත් ලෙස පරිහරණය කිරීම වැලැක්වීම, ඵලදායී නොවන ව්‍යාපෘති ප්‍රතික්ෂේප කිරීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අනෙකුත් ආයතන වල එකඟතාවය කඩිනමින් ලබා ගැනීම මෙම විශේෂ ඉඩම් පරිහරණ කමිටුව පැවැත්වීමේ අරමුණු වූහ.මෙම අවස්ථාවට ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුව නියෝජනය කරන නිලධාරීන් රැසක් සහභාගී වූහ.

News15

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යල කන්නයේ "වී හා සෝයා අස්වනු නෙලීම සඳහා" අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීම අවසන් කරන ලදී.

ඉන්ධන නිකුත් කිරීම සඳහා සහාය ලබාදුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට, නොච්චියාගම හා රනෝරාව ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරින් ඇතුලු කෘෂිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර නිලධාරීන්ටත්, මහවැලි කොට්ඨාස කළමනාකරු ඇතුලු නිලධාරීන්ටත්, සමණල ඉන්ධන පිරවුම්හලේ කාර්ය මණ්ඩලයටත් විශේෂ ස්තූතිය පිරිනමමි.

News15

News & Events

News & Events

Scroll To Top