නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය සංවිධානය කරන ලද ඉඩම් ජංගම සේවයක් 2022.06.16 දින 330- පහලමාරගහවැව  ග්‍රාම නිලධාරී වසමේදී පවත්වන ලදී. පසුගිය වසරේ පවත්වන ලද ඉඩම් කච්චේරියෙන් තෝරා ගන්නා ලද පුද්ගලයන්ට බලපත්‍ර ලබා දීම, ගැණුම් මිල හා රජයේ  ඉඩම් ආඥා පනත යටතේ බලපත්‍ර ලබා ගැනීමට සුදුසුකම් ලද පුද්ගලයන්ට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කිරීම, බලපත්‍ර වල පසු උරුම නම් කිරීම ඇතුළු කාර්යයන් රැසක් ඉටු කරන ලදී.

News15

අති උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු අභියස පැවැත්වෙන සති පිරිත් පිංකමේ 4 වන දිනය, පොසොන් පොහොය දින සවස ගිලන්පස පූජාව නොච්චියාගම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් පවත්වන ලදී.

ඒ සදහා ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු කාර්යාලයේ නිලධාරින් රැසක් සහභාගි වූහ. එසේම උඩමළුවේ සිල් සමාදන් වූ උවැසි උවැසියන් 2500 කට අධික පිරිසකට දහවල් දානය පිරිනැමීමද නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන් ඇතුළු වසම් වල නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් හා මහජනතාවගේ දායකත්වයෙන් 2022.05.14 දින සිදු කරන ලදී.

News15

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සංවිධානය කරන ලද කොත්තමල්ලි හා බිස්කට් දන්සැල 2022.06.13 වන දින නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන ලදී.

News15

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය සංවිධානය කරන ලද ඉඩම් ජංගම සේවයක් 2022.06.09 දින 326 ඇහැටුවාගම ග්‍රාම නිලධාරී වසමේදී පවත්වන ලදී.

පසුගිය වසරේ පවත්වන ලද ඉඩම් කච්චේරියෙන් තෝරා ගන්නා ලද පුද්ගලයන්ට බලපත්‍ර ලබා දීම, ගැණුම් මිල යටතේ බලපත්‍ර ලබා ගැනීමට සුදුසුකම් ලද පුද්ගලයන්ට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කිරීම, බලපත්‍ර වල පසු උරුම නම් කිරීම ඇතුළු කාර්යයන් රැසක් ඉටු කරන ලදී.

News15

නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය පොදු පලාත් දින රැස්වීම, ප්‍රාදේශිය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.05.18 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ සඳහා සහකාර ප්‍රාදේශිය ලේකම් කුසලා මෙනෙවිය ප්‍රමුඛ කාර්යාලගත හා ක්ෂේත්‍ර නිළධාරීහු සහභාගී වුහ.

News15

News & Events

News & Events

Scroll To Top