ඔබ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටිනවාද?
වෘත්තීය පෘඨමාලාවක් තුළින් ජීවීතය සාර්ථක කර ගැනීමට කැමැති ද?
ආර්ථික ගැටළු අවම කරගනිමින් ස්වයං රැකියාවක් ආරම්භයට සූදානම් ද?
අදම ලියාපදිංචි වන්න.
රජයේ රැකියා කේන්ද්‍රය, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තුමේන්තුව.
Visit – www.dome.gov.lk
වැඩි විස්තර - නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි - 071-4301086


නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 334-නොච්චියාගම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි නිවසක් නොමැති පිළිකා රෝගයෙන් පෙළෙන මවක් හා දරුවන් වෙනුවෙන් නව නිවසක් ඉදි කිරීම සඳහා මුල් ගල තැබීම 2022.03.02 දින සිදු කරන ලදී.
නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ හා 334 වසමේ ග්‍රාම නිලධාරී චමල් ධනපාල මහතාගේ සම්බන්ධීකරණය මත, තඹුත්තේගම වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ ඇතුළු තරුණ බෞද්ධ සංගමයේ හා තවත් පරිත්‍යාගශීලින්ගේ මූල්‍යමය, ද්‍රව්‍යමය, ශ්‍රම දායකත්වය මත මෙම නිවස ඉදි කිරීම සිදු කරනු ලැබේ. නිවස ඉදි කිරීම සඳහා බිම් කොටස නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාමික පරිපාලන ග්‍රාම නිලධාරී එස්. අබේවර්ධන මහතා විසින් පරිත්‍යාග කරන ලදී.
නිවස සඳහා මුල් ගල තැබීමේ අවස්ථාවට තඹුත්තේගම වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානයේ ස්වාමීන්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් කුසලා විජේරත්න මෙනවිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා නිවස ඉදි කිරීම සඳහා අනුග්‍රහය ලබා දෙන පරිත්‍යාගශීලීන් රැසක් එක්වූහ.

320 - කුකුල්කටුව ග්‍රාම නිලධාරී කොට්ඨාසය ඉඩම් කච්චේරිය 2022.02.24 දින කුකුල්කටුව ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම ඉඩම් කච්චේරිය Eslims දත්ත පද්ධතිය හරහා සිදු කරන ලද අතර, මෙම වර්ෂයේ පැවැත්වීමට නියමිත සියළු ඉඩම් කච්චේරි Eslims දත්ත පද්ධතිය හරහා සිදු කිරීමට අපේක්ෂා කෙරේ.


















