රාජ්‍ය නිලධාරීන්හට තම රාජකාරී කටයුතු කිරීමේ දී “අල්ලස් පනත හා වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත” අදාළ වන ආකාරය හා එහි නෛතික පසුබිම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුව, අල්ලස් දූෂණ චෝදනා  විමර්ෂණ කොමිෂන් සභාවේ සම්පත් දායකත්වයෙන් 2022.02.17 දින කාර්යාලයීය රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි.

News15

අංක 349 නැලවගම සේවා පියස නවීකරණය කිරීම හා 350 පහළ හල්මිල්ලෑව සේවා පියස ආරම්භ කිරීමට මුල්ගල තැබීම 2022.02.03 දින, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නොච්චියාගම සම්බන්ධීකරණ කමිටු සභාපති  කේ.පී.එස්. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට නොච්චියාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී  සම්පත් වන්නිනායක මහතා, ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් කුසලා විජේරත්න මෙනෙවිය ඇතුළු රාජ්‍ය නීලධාරීන් හා ප්‍රදේශවාසීහූ සහභාගී වූහ.

News15

News15

News15

2022 අයවැය යෝජනා යටතේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් වෙන්කරන ලද ප්‍රතිපාදන වලින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම අද දින පෙ.ව. 8.52ට යෙදුන සුභ මොහොතින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සෑම ග්‍රාම නිලධාරී වසමකම සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය යටතේ ජීවනෝපාය සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, සමාජ සුභසාධන හා පරිසර සංවර්ධනය යන ක්ෂේත්‍රයන් යටතේ ව්‍යාපෘති 492ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා රුපියල් මිලියන 202ක් වැය කිරීමට අපේක්ෂිතය.එසේම මෙම ව්‍යාපෘතිය යටතේ කොට්ඨාශයේ සේවා පියස කාර්යාල 23ක් නවීකරණය කිරීමට නියමිත අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 150කට වැඩි මුදලක් වෙන් කර ඇත.

මෙම උත්සවය ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීහූ සහභාගී වූහ.

News15

කොව්ඩ් වසංගත තත්ත්වය සමග විධිමත් අධ්‍යාපනයෙන් දිගු කලක් බැහැර ව සිටි බොහෝ පාසල් දරුවන් තුළ අධ්‍යාපනය කෙරෙහි උනන්දුව අඩු වීමක් විශාල වශයෙන් දක්නට ලැබේ . එම දරුවන් තුළ අධ්‍යාපනය සදහා ඇති උනන්දුව වැඩි කරමින් ඔවුන් විශිෂ්ටයින් බවට පත්කිරීම උදෙසා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳගනිමින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරාවට පාසල් කේන්ද්‍ර කරගෙන " වැඩ ලෝකය හදුනාගැනීම හා අධ්‍යාපනයට පෙළඹවීම " මැයෙන්  වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.

එහි ආරම්භය ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ මූලිකත්වයෙන් 2022.02.02 දින පහලමාරගහවැව අ/ විද්‍යාර්ථ මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. අත්දැකීම් සහිත රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු වශයෙන් කටයුතු කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයා පාසල් වියේ කටයුතු කරන ලද ආකාරයෙන් ලබාගත් පන්නරය, දියුණු කරගත් කුසලතා ,රාජ්‍ය සේවය, පෞද්ගලික රැකියා අවස්ථා ඉලක්ක අරමුණු ඔස්සේ කටයුතු කිරීමේ වැදගත් කම ආදී දරුවන් සදහා ජීවිත ජයග්‍රහණය සදහා  මගපෙන්වීම් ලැබෙන හරවත් දේශණයක් සිදුකරන ලදී.

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි එම්. චානිකා ලලංජනී ගුණරත්න මහත්මිය වැඩසටහන සංවිධානය කරමින් වැඩ ලෝකය හදුනාගැනීම වැඩසටහන සදහා සම්පත්දායකත්වය ලබාදුන් අතර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි වසන්ත විජේසිංහ මහතා සහ මානව සම්පත් සංවර්ධන නිලධාරි අමිලා හෙට්ටිආරච්චි මහත්මිය විසින්ද සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

News15

News15

News15

News & Events

News & Events

Scroll To Top