ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියළුම කාර්යය මණ්ඩලයේ සහයෝගයෙන් පවත්වනු ලබන ආශිර්වාද පිරිත් දේශනය 2022.01.07 වන දින සිට පසුදා පහන් වන තුරු කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.



2022 නව වසරේ වැඩ ආරම්භ කරන පළමු වන දිනය වන අද දිනයේ සිට ඔබේ සෑම බලාපොරොත්තුවක්ම, සෑම උත්සාහයක්ම සාර්ථක වන ජයග්‍රාහී නව වසරක් වේවා...!

අනුරුද්ධ හිමි සමාජ සත්කාරක පදනමේ අනුග්‍රහයෙන් හා විදේශගත දානපතියන්ගේ අනුග්‍රහයෙන් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි අඩු ආදායම් ලාභී පවුල් සඳහා අත්‍යාවශ්‍ය ආහාර හා රෙදිපිළි ලබා දීම අද (2021/12/28) දින නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෙම වැඩසටහන 334 නොච්චියාගම වසමේ ග්‍රාම නිලධාරි චමල් ධනපාල මහතා විසින් සංවිධානය කරන ලදී.

ආයු රක්ඛන්තු ආවඩා!
2022 ලැබුවා වූ නව වසර ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා Covid-19 මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව ලෙස Pfizer එන්නත ලබා දීම නොච්චියාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී 2021/12/24 දින සිදු කරන ලදී. ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කපිල දිසානායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට විශේෂ ස්තූතිය පළ කරමි.















