නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධිලාභීන් අතරින් සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම තෝරා ගත් එක් අයෙකු කාබනික පොහොර නිෂ්පාදකයෙකු ලෙස සවිබල ගැන්වීමට නියමිතය. තෝරාගත් ප්‍රතිලාභීන්ට කාබනික පොහොර නිෂ්පාදනය පිළිබදව මූලික දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021/07/19 දින නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව සදහා රනෝරාව හා නොච්චියාගම කෘෂිකර්ම උපදේශක නිළධාරීන් සම්පත් දායකත්වය ලබා දෙන ලදී. සමෘද්ධි කළමණාකාර මහත්ම මහත්මීන්, සමෘද්ධි සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් හා ප්‍රතිලාභීහූ පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

"සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන" වැඩසටහන යටතේ 329 කටුපත්වැව සහ 330 පහළමාරගහවැව ග්‍රාම නිළධාරී වසම් කේන්ද්‍ර කර ගනිමින් දියර කිරි ආශ්‍රිත නිෂ්පාදන ගම්මානය වැඩිදියුණු කිරීම ආරම්භ කිරීම 2021/07/17 දින සිදුවිය. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ හා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ වසන්ත මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් කුසලා විජේරත්න මෙනවිය ඇතුළු රාජ්‍ය නිළධාරීන්, දේශපාලන නියෝජිතයින් හා ප්‍රතිලාභීහු රැසක් ද එක්වුහ.
"සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන" වැඩසටහන යටතේ 329 කටුපත්වැව සහ 330 පහළමාරගහවැව ග්‍රාම නිළධාරී වසම් කේන්ද්‍ර කර ගනිමින් දියර කිරි ආශ්‍රිත නිෂ්පාදන ගම්මානය වැඩිදියුණු කිරීම ආරම්භ කිරීම 2021/07/17 දින සිදුවිය. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ හා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ වසන්ත මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් කුසලා විජේරත්න මෙනවිය ඇතුළු රාජ්‍ය නිළධාරීන්, දේශපාලන නියෝජිතයින් හා ප්‍රතිලාභීහු රැසක් ද එක්වුහ. මෙම නිශ්පාදන ගම්මාන වැඩසටහන යටතේ ගව ගාල් ඉදි කිරීම, උසස් තත්ත්වයේ තණකොළ වගා කිරීම, කාබනික පොහොර නිෂ්පාදනය, කිරි ආශ්‍රිත අතුරු නිශ්පාදන වැඩි දියුණු කිරීම, කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය නවීකරණය කිරීම සඳහා ප්‍රතිලාභීන් වෙත මූල්‍ය හා අනෙකුත් පහසුකම් ලබා දීමට නියමිතය. මෙම අවස්ථාවේදීම 351 පහළ කෙඩිතොක්කුව වසමේ සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයින් සදහා ත්‍යාග මුදල් ලබා දීම, 330 පහළ මාරගහවැව වසමේ ප්‍රතිලාභීන් දෙදෙනකු සදහා රුපියල් ලක්ෂ 5 බැගින් වු සමෘද්ධි බැංකුව ණය මුදල් ප්‍රධානයක්ද සිදු කරන ලදී.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන " සෞභාග්‍යයා නිශ්පාදන ගම්මාන" ව්‍යාපෘතිය යටතේ 329 කටුපත්වැව ග්‍රාම නිලධාරී වසම කිරි ආශ්‍රිත නිශ්පාදන ගම්මානයක් ලෙස වැඩි දියුණු කිරීමට නියමිතය.සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන " සෞභාග්‍යයා නිශ්පාදන ගම්මාන" ව්‍යාපෘතිය යටතේ 329 කටුපත්වැව ග්‍රාම නිලධාරී වසම කිරි ආශ්‍රිත නිශ්පාදන ගම්මානයක් ලෙස වැඩි දියුණු කිරීමට නියමිතය.
දැනට කිරි ගව පාලනයේ නිරත වන ප්‍රතිලාභීන් 30 දෙනෙකු හට ගව මඩු, තණකොළ කැබලි කරන යන්ත්‍ර, කිරි ගවයන් ආදිය ලබා දීමට නියමිතය. එසේම සෑම ගොවියෙකුටම අවම පර්චස් 20 ක භූමි ප්‍රමාණයක උසස් තත්ත්වයේ තණකොළ වගා කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දෙන අතර, කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය නවීකරණය කිරීමට නියමිතය. එසේම කිරි ආශ්‍රිත නිශ්පාදන හා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමටද බලාපොරොත්තු වේ.මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රතිලාභීන් දැනුවත් කිරීමේ රැස්වීමක් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.07.06 දින කටුපත්වැවදී පවත්වන ලදී. මෙම අවස්ථාවට කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ(සැලසුම්) ගාමිණී මදුරසිංහ මහතා හා සංවර්ධන අංශයේ නිලධාරීන්ද, 329 කටුපත්වැව වසමේ නිලධාරීන්ද සහභාගී වූහ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නොච්චියාගම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තාක්ෂණික දායකත්වය ලබා දෙනු ලැබේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිළධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරින් සහ පොලිස් නිළධාරින් සදහා කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2021/07/07 දින සිදුවිය.

සෞභාග්‍යා සතිය නිමිති කරගනිමින් සමෘද්ධි "සිප්දොර" ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම, නව සමෘද්ධි සහනාධාර නිකුත් කිරීම, පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීමේ වැඩ සටහන නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආරම්භ කිරීම 2021.07.04 දින සිදුවිය. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ වසන්ත මහතා ඇතුළු රාජ්‍ය නිළධාරිහු රැසක් මෙම අවස්ථාවට එක් වුහ. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව මෙම වැඩසටහන පවත්වන ලදී.















