ppp copy

 

වකුගඩු රෝගය මාධ්‍ය සහ අපි...මැයෙන් 2019.04.02 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති මෙම දේශණය ප්‍රාදේශීය ලේකම් අසංග රත්නායක මහතාගේ උපදෙස්මත විද්‍යා හා තාක්ෂණ නිළධාරී ආනන්ද අබේරත්න මහතා ඇතුළු විදාතා මධ්‍යස්ථානය මගින්  සංවිධානය කරල ලදි. මේ සඳහා රජරට විශ්වවිද්‍යාලයේ.  මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සහ වෛද්‍ය චින්තක විජේවර්ධන යන මහත්වරුන් සම්පත්දියකයින් ලෙද දැනුම ලබා දුන් අතර, ශ්‍රී ලංකාව පුරා පැතිර යන මේ වනවිට මෙම කොට්ඨාශයට දැඩි තර්ජනයක්ව පවතින වකුගඩු රෝගය සම්බන්ධ විශේෂ කරුණු රැසක් හෙලිදරව් කෙරණි. මේ සදහා කොට්ඨාශයේ රාජ්‍ය නිලධාරින්, සිවිල් සංවිධාන නිලධාරින් හා ප්‍රදේශයේ ජනතාව සහභාගි වූ අතර වකුගඩු රෝගය ඇතිවීමට බලපාන කරුණු මෙන්ම ඉන් වැළකි සිටීමට අවශ්‍ය උපදෙස් ලබා දීම මඟින් පැමිණි පිරිස දැනුවත් කර ලදී.

ත්‍රිපිටකාභිවන්දනා සතිය

2019 03 19 133213

ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කෙරෙන යෝජනාවට පූර්වගාමීව මෙම සතිය ක්‍රියාත්මක ය.

ලබන 23 වන දා එම යෝජනාව යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රි ලංකාව ඉදිරිපත් කරන මෙම යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ලබන 23 වන දා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

ඒ, ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙනි.

ථේරවාදී ත්‍රිපිටකය මෙරට ජාතික උරුමයක් බවට පත් කිරීම පසුගියදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අලුවිහාර පුදබිමේදී සිදු කෙරිණි.

ත්‍රිපිටකාභිවන්දනා සතිය පුරා ආගමික වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව සංවිධානය කර ඇති අතර ජනාධිපති කාර්යාලය පවසන්නේ එම සතිය පුරා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන මෙන්ම නිවාස, රථ වාහන හා මංමාවත්වල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන ලෙස ය.

 

_උපුටා ගැනීමකි_

News & Events

News & Events

Scroll To Top