අවුරුදු අටක් විශ්‍රාම වැටුප් නිලධාරී ලෙස අප කාර්යාලයේ සේවය කර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු වීම් ලබා යන වයි.ඩබ්.එන්. පුෂ්පකුමාරි මහත්මිය වෙනුවෙන් සමුදීමේ උත්සවය ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2022.01.24 දින පැවැත්විණි.
එහිදී ඇයගේ අනාගත කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු සියළු නිලධාරීන් සුභාෂිංසන එක්කරන ලදී.

නාවක්කුලම දිරිය වනිතා කාන්තා සමිතියේ සාමාජිකාවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.01.25 දින නාවක්කුලම නව තෙල්දෙණිය පෙරපාසල් ගොඩනැගිල්ලේ දී පැවැත්විණි.නාවක්කුලම දිරිය වනිතා කාන්තා සමිතියේ සාමාජිකාවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.01.25 දින නාවක්කුලම නව තෙල්දෙණිය පෙරපාසල් ගොඩනැගිල්ලේ දී පැවැත්විණි.
මෙම දැනුවත් කිරීම, කාන්තාවන් විදේශගත වීම පිළිබඳව විදේශ කටයුතු සංවර්ධන නිලධාරීන් විසින් ද, ආන්තික භාවයට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීම පිළිබඳව ජාතික ඒකාබද්ධතා සංවර්ධන නිලධාරී විසින් ද, මනෝ උපදේශන සේවය සඳහා පුද්ගලයින් යොමුවීමේ වැදගත්කම පිළිබඳව උපදේශන නිලධාරී විසින් ද, කාන්තා ව්‍යවසායකත්වයේ වැදගත්කම පිළිබඳව කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී විසින් ද ,ආධ්‍යාත්මික සංවර්ධනයේ වැදගත්කම පිළිබඳව බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී විසින් ද සිදුකරන ලද අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී විසින් වැඩසටහන සංවිධානය කරන ලදී.

ජර්මානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විල්පත්තු වනෝද්‍යාන සහ එහි බලපෑම් ප්‍රදේශය කලමණාකරනය සදහා සහය වීමේ ව්‍යාපෘතිය (GOPA) යටතේ ක්‍රියාත්මක වන කුකුල් කටුව වසමේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සදහා දේශීය අත්කම් නිර්මාණ නිෂ්පාදන පිලිබඳ හදුන්වා දීමේ වැඩසටහනක් 2022.01.20 දින නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරින් හා වනිතා කටයුතු අංශවල නිලධාරින් සහභාගී වූහ.

පාසල් නොයන දරුවන් 15 ක් හා ඔවුන්ගේ භාරකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නොච්චියාගම පොලිස් ස්ථානයේ සම්බන්ධීකරණය මත 2022.01.21 දින නොච්චියාගම පොලිස් ස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට නොච්වියාගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණවර්ධන මහතා, නොච්චියාගම විද්‍යාදර්ශ ජාතික පාසලේ විදුහල්පති ආරියපාල මහතා, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී නුවන් සංජීව මහතා හා පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා ඒකකයේ නිලධාරීන් සහභාගී වූහ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන් මඟින් සැපයෙන් සේවාවන්, උපදේශන නිලධාරීගෙන් සැපයෙන සේවාවන් සහ ළමා ආරක්ෂක නිලධාරීගෙන් සැපයෙන සේවාව පිළිබඳ පහමුණේගම දිරිය කාන්තා සමිති සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.01.19 දින පවත්වන ලදි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරීතුමිය වැඩසටහන සංවිධානය කරන ලදි.















