සමාජ සේවා අංශය මඟින් අද දින ආරම්භ කල විශේෂ අවශ්‍යතා සහිත වූවන් සඳහා වන කුසලතා සංවර්ධන ව්‍යාපෘතිය නොච්චියාගම සහන ආබාධිත දරුවන්ගේ නිවාසයේදී පැවැත්විණි.

සෑම සතියකම බදාදා දින පෙ.ව. 8.30 සිට ප.ව. 12.00 දක්වා මෙම වැඩසටහන පැවැත්වීමට නියමිත අතර,  පාසැල් නොයන ආබාධ සහිත දරුවන් හෝ තරුණ තරුණියන් සිටී නම් මේ සඳහා යොමු විය හැකිය.

News15

අයවැයෙන් වැඩ ලක්ෂයක් ග්‍රාමීය සංවර්ධන වැඩ සටහනේ නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සමාරම්භක උත්සව සංවිධානය කිරීම සම්බන්ධවු විශේෂ රුස්වීමක් 2022.01.31 දින නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර සැළසුම් අධ්‍යක්ෂක, පරිපාලන ග්‍රාම නිළධාරි ඇතුළු ග්‍රාම නිළධාරී  මහත්ම මහත්මීන්, සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් හා සමෘද්ධී සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් එක්වූහ.

News15

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  වි‍‍ශේෂ සම්බන්ධීකරණ කමිටු රුස්වීම පාර්ලිමේන්තු මංත්‍රී හා සම්බන්ධීකරණ කමිටු සභාපති කේ.පී.එස්. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වන දින නොච්චියාගම දොන් බොස්කෝ ආයතනයේදී පැවැත්විණී.

නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.බී. ගුණරත්න මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් හා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු ආයතන ප්‍රධානීන් හා රාජ්‍ය නිළධාරීහු රැසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ. 2022 වසර සදහා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදු කරණු ලබන ආකාරය පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන ලදි.

කාර්තුමය වශයෙන් මෙවර ව්‍යාපෘති ක්‍රියාවට නැංවෙන බැවින් ඒ සම්බන්ධව විශේෂ අවධානය යොමු කර චක්‍රලේඛණවලට අනුගත වෙමින් ජනතාවට උපරිම ප්‍රයෝජන ලැබෙන ලෙස කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මංත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා මෙහිදී අවධාරණය කරන ලදි.

ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා පවසා සිටියේ කඩිනමින් නිවැරදි තොරතුරු හා ප්‍රථිලාභීන් නම් කිරීම තුල ඒ ඒ කාර්තුවට  අනුව ව්‍යාපෘති අවසන් කල හැකි බවයි. ඒ අනුව ප්‍රදේශයට ලැබෙන සියළුම ප්‍රථිලාභ ජනතාව අතරට ලබාදීමට හැකිවන බවයි. සියළු ආයතන හා නිළධාරීන් එකට එක්ව විනිවිධ භාවයෙන් කටයුතු කිරීම තුලින්  කිසිදු   මුදලක් නැවත හරවා යැවීමට ඉඩ නොදී සියළු ප්‍රතිපුදාන  ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා යොදවා ගැනීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටින ලදි. නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමන් විසින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සමාලෝචනයක්ද සිදුකරන ලදි.

News15

අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් සමුළුව 2022.01.28 දින කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් වන ජනක ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රීක්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුළු නිළධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

News15

News15

News15

News15

News15

News15

News15

News15

News15

News15

News15

News15

News15

News15

News15

News15

එළබෙන නිදහස් දිනයදා හල්මිල්ල කුලම වැව අශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත රුක් රෝපන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා වු මුලික ශ්‍රමදාන වැඩ සටහනක් 334 වසමේ සමෘද්ධී ප්‍රජාමුල සංවිධානය මගින් 2022.01.27 දින පවත්වන ලදි.

ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වු මෙම ශ්‍රමදාන  වැඩසටහන වසම්භාර සමෘද්ධී සංවර්ධන නිළධාරී එච්.බී ගුණරත්න මහතා ගේ සංවිධානයෙන් ග්‍රාම නිළදාරී චමල් ධනපාල මහතාගේ සහ සංවර්ධන නිලධාරී හේරත් මහතාගේ උපරිම දායකත්වය හා සහයෝගය මත සිදුවිය. මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා ප්‍රාදේශීය ලේකම් තුමන්ද මෙම අවස්ථාවට එක්ව සිටින ලදි.

ග්‍රාම නිළදාරී චමල්ධනපාල මහතා ,සංවර්ධන නිලධාරී හේරත් මහතා සහ කළාප සහකාර සීවලී තෙන්නකොන් මහතා සහ සමෘද්ධී සංවර්ධන නිලධාරී එච්.බී.ගුණරත්න මහතාද මෙම අවස්ථාවට එක්වුහ.

News15

News & Events

News & Events

Scroll To Top