ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම අරමුණු කරගෙන රජය ක්‍රියාත්මක කිරීමට නියමිත "ගෙවතු වගා" වැඩසටහන පිළිබඳ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ රැස්වීමක් 2022.06.17 දින නොච්චියාගම දොන් බොස්කෝ ආයතනයේදී පවත්වන ලදී. පවතින ඉන්ධන හිඟය හේතුවෙන් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් කිහිපදෙනෙකු පාපැදි වලින් පැමිණ එම රැස්වීමට සම්බන්ධ වූහ.

නොච්චියාගම පිරවුම්හල් වෙත ලැබෙන ඉන්ධන නිසි කළමණාකරණයක් මත ජනතාව වෙත ලබාදීමත් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවයේ නිළධාරීන් සදහා අවශ්‍ය ඉන්ධන නිසි ක්‍රමවේදයක් යටතේ ලබාදීම ඇතුළු කරැණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක් 2022.06.22 දින නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ප්‍රාදේශිය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ වල ආයතන ප්‍රධානීන් හා ඉන්ධන පිරවුම්හල් හිමියන්ද එක්වුහ.

"එක්ව වවමු - රට දිනවමු" ආහාර බෝග වගා කිරීමේ ජාතික සංග්‍රාමය සම්බන්ධව නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය නිළධාරීන් හා ස්වේච්ඡා සමිති දැනුවත් කිරීමේ වැඩසටහනක් නොච්චියාගම දොන් බොස්කෝ ආයතනයේදී 2022.06.17 දින පැවැත්විණි. නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලද අතර, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක, තඹුත්තේගම මහවැලි නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකරු යන නිලධාරීන් මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලදී.

















