ග්‍රාම සංවර්ධන නිලධාරි සුජානි වික්‍රමාරච්චි මහත්මියගේ සම්බන්ධීකරණයෙන් රඹවැව මැහුම් පුහුණු මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබන නව කණ්ඩායම සඳහා සමථකරණය හා ව්‍යවසායකත්වය පිළිබඳ වැඩසටහනක් 2022 අගෝස්තු 08 වෙනි සඳුදා දින පවත්වන ලදී.

මේ සඳහා සමථ සංවර්ධන නිලධාරි දිලානි මහත්මිය හා මානව සම්පත් සංවර්ධන නිලධාරි ලලංජනී ගුණරත්න මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

News15

ඉන්දීය සහනාධාර යටතේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ලැබුන සහල් බෙදා දීම 2022.08.04 දින ග්‍රාම නිලධාරී වසම් කිහිපයකදී සාර්ථකව සිදු කරන ලදී.

News15

News15

ඉන්ධන ලබා ගැනීම සඳහා ජාතික ඉන්ධන අවසර පත්‍රය (QR Code) සඳහා ලියාපදිංචි වීමට නොහැකි අයට සහාය වීමේ සේවාවක් නොච්චියාගම යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය මගින් 2022.07.26 දින සිට නොච්චියාගම චන්දිමා පිරවුම්හල අසල ක්‍රියාත්මක කරන ලදී.

News15

ඉන්දීය රජයේ සහනාධාරයක් ලෙස අඩු ආදායම්ලාභීන්ට බෙදා දීම සඳහා එවන ලද සහල් තොගයෙන් කොටසක් 2022.08.03 දින තලාව දුම්රිය ස්ථානයේ සිට නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත රැගෙන එන ලදී. එම සහල් තොගය රැගෙන ඒම සඳහා සහාය ලබාදුන් කාර්යාලයේ සියළු නිලධාරීන්ටත්, බහුකාර්ය සහායකයන්ටත්, සිවිල් ආරක්ෂක නිලධාරීන්ටත්, සහල් තොගය ප්‍රවාහනය කර ගැනීම සඳහා ලොරි රථ ලබාදුන් ව්‍යාපාරික සමන් හේවා කණ්ඩම්බි මහතාටත් විශේෂ ස්තූතිය පිරිනමමු.

එම සහනාධාර සහල් 2022.08.04 දින සිට ප්‍රතිලාභීන්ට බෙදා දීමට නියමිතය.

News15

88 මිතුරු කැළ සමඟින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන අද දින නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

News15

News & Events

News & Events

Scroll To Top