නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රදේශයේ කලාකරුවන්ගේ කුසලතා ඔප්නංවනු වස් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග සම්බන්ධව වාර්ෂිකව සංවිධානය කර පවත්වනු ලබන සාහිත්‍ය උත්සවය මෙවර 2022 ඔක්තෝම්බර් මස 14 වෙනි දින නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.

ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ මූලිකත්වයෙන් සංස්කෘතික සංවර්ධන නිලධාරි දමයන්ති බංඩාර මහත්මිය කලාකරුවන් සම්බන්ධ කරගනිමින් කාර්යාලයේ නිලධාරින්ගේ ද  සහාය ඇතිව වැඩසටහන සම්බන්ධීකරණය සිදුකරන ලදී. ප්‍රාදේශීය සාහිත්‍ය තරඟ මගින් ජයගන්නා ලද තරඟකරුවන් අගය කරමින් ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය ද මෙහිදී සිදුකරන ලදී.

News15

දෙරණ මාධ්‍ය මගින් ප්‍රචාරය වූ ප්‍රවෘත්තියක් පදනම් කර ගනිමින් සිංගප්පුරු ජාතික ෂින් වොන් චී මහතා විසින් ලබා දෙන ලද මූල්‍ය පරිත්‍යාගයකින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුදිතාගම, කුසුම්පුර සහ නොච්චියාගම යන ග්‍රාම නිලධාරී වසම් තුල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 200 කට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම මොරවකකන්ද මරණාධාර  සමිති ශාලාවේදී 2022.10.08 දින සිදු කරන ලදී. කැකිරාව හත්වන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බළකා⁣ය මෙම වැඩසටහන සංවිධානය සිදුකරන ලදී.

212 බළසේනාධිපති බ්‍රිගේඩියර් එන් .මැදිවක මහතා, නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් අසංක රත්නායක මහතා, හත්වන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිළධාරී මේජර් කුසුම් වීරසිංහ මහතා ඇතුළු යුද හමුදා නිළධාරීන් හා  මුදිතාගම, නොච්චියාගම, කුසුම්පුර යන වසම්වල ග්‍රාම නිළධාරීන්ද මෙම අවස්ථාවට එක්වූහ.

News15

News15

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක සිප් දොර ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන යටතේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමිම 2022.10.12වන දින ප්‍රාදේශිය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

News15

News15

2022.10.01 ලෝක ළමා දිනයට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා ඒකකය, සමෘද්ධි අංශය හා එක්ව ''සිනහ දකින අපේ ලොවක්'' තේමාව යටතේ ළමා සමාජ දරුවන් වෙනුවෙන් ළමා සමාජ විවිධප්‍රසංගයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

News15

News15

News15

News & Events

News & Events

Scroll To Top