ලෝක ආහාර වැඩසටහන යටතේ පාසල් ආහාර සැපයුම්කරුවන් සවිබල ගැන්වීම සදහා ගෙවතු වගාව සදහා නව තාක්ෂණය භාවිතා කිරීම වෙනුවෙන් අද දින (2023.09.21) සිදු කල බිම්මල් වගා පුහුණු වැඩසටහනට ප්‍රාදේශීය ලේකම්, නියෝජ්‍ය අධ්‍යක්ෂ, නොච්චියාගම කෘෂිකර්ම උපදේශක, සංවර්ධන නිලධාරීන් හා තෝරාගත් පාසල් ආහාර සැපයුම්කරුවන් සහභාගි විය.

News15

"සුබසාධක ප්‍රතිලාභ ලැබීම - විරෝධතා / හිමිකම්පෑම ඉදිරිපත් කිරීම" අයදුම්පත්‍රය

ජාතික උපදේශන දිනයට සමගාමීව  පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා වෙන්වූ ප්‍රතිපාදන මත නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් පළමු වරට සංවිධානය කරන ලද අන්තර් පාඨශාලීය විවාද තරඟාවලියේ අවසන් වටයේ තරඟ ගාලදිවුල්වැව අ/ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේදී 2022.11.01 දින පවත්වන ලදි.

මෙහිදී අ/විද්‍යාදර්ශ ජාතික පාසලත් අ/ශ්‍රී සුමංගල මහා විද්‍යාලයත් සිය ප්‍රස්තුතයන් සනාථ කරමින් සිය දක්ෂතා විදහා දැක්විය. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් කුසලා විජේරත්න මෙනෙවිය, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන් මෙන්ම කාර්යාලයේ සහෘද නිලධාරීන් සම්බන්ධවිය.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දන මිල්ලගල මහතා, කථිකාචාර්ය ප්‍රසාද් මල්ලවආරච්චි මහතා, ඉංග්‍රීසි භාෂා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සඳුන් පතිරණ මහතා සහ මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණ අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ශ්‍රී රෝහණ රත්නායක මහතා විනිශ්චය මණ්ඩල සාමාජිකයින් වශයෙන් කටයුතු කරන ලදි.

එසේම ආචාර්ය නන්දන මිල්ලගල මහතා පාසල් සිසුන් උදෙසා හරවත් දේශනයක් සිදුකිරීමද සිදුවිය. සාර්ථක වැඩසටහනක් ලෙස මෙම තරඟාවලිය පැවැත්වීම සඳහා සහයෝගය ලබාදුන් සියලුදෙනාට ගෞරවණීය ස්තූතිය පිරිනමමි.

News15

News15

වර්තමානයේ රට තුල පවතින පෙදු තත්ත්වය සැලකිල්ලට ගනිමින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ ඉල්ලීම පරිදි මත්තේගොඩ සිංහ සමාජය විසින් 2022.11.06 දින නොච්චියාගම කොට්ඨාසයේ ආර්ථික අපහසුතාවයෙන් පීඩාවට පත්ව සිටින පවුල් 100 ක් වෙත වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීම සිදුකරන ලදි.

මේ සදහා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් කුසලා විජේරත්න මෙනෙවිය, මත්තේගොඩ සිංහ සමාජය නියෝජනය කරමින් එහි සභාපති චින්තක ද සිල්වා මහතා, ලේකම් සරත් ගුණතිලක මහතා, භාණ්ඩාගාරික රංජිත් සමරකෝන් මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රණවිරසිංහ මහතා සහභාගි වු අතර මෙම සත්කාර්යය සිදු කිරීම සදහා ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා වෙත එම ආයතනය සම්බන්ධ කර දෙමින් අදාල කටයූතු සම්බන්ධීකරණය කල ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික සුනන්ද ජයසේකර මහතා ද මේ සදහා සහභාගි විය.

රටතුල උද්ගතව පවතින දෑඩි ආර්ථික අපහසුතාවය හමුවේ පීඩාවට පත්ව සිටින නොච්චියාගම කොට්ඨාසයේ කටුපත්වැව. නැලවගම සහ අවට ප්‍රදේශ වල වෙසෙන පවුල් 100 ක් වෙත වියලි ආහාර මලු ලබා දීමට හැකි විය. මේ සදහා ප්‍රතිලාභීන් තෝරා ගෙන වියලි ආහාර මලු ලබා දීමට අදාල වසම් භාර ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී කටයුතු කර තිබූණි.

News15

News15

2022 ඔක්තෝම්බර් මස 27 වන දින නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රන්කෙත්ගම හා මිහිරිපුර ග්‍රාම නිලධාරී වසම් මූලික කරගෙන ක්‍රියාත්මක කරන ලද නයි මිරිස් වගා ව්‍යාපෘතියට අදාල භාණ්ඩ ලබාදීම රන්කෙත්ගමදී නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ මූලිකත්වයෙන්  Safe Foundation ආයතනය හා IOM ආයතනවල දායකත්වයන් යටතේ සිදුකරන ලදී.

ආර්ථික ගැටලු හා දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන සංක්‍රමණය වැළැක්වීමේ අරමුණෙන් නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. IOM ආයතනය විසින් අරමුදල් ලබාදෙන Safe Foundation ආයතනය මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වැඩසටහන යට⁣තේ මිලියන 17 ක පමණ වියදමින් යුත් උපකරණ මෙහිදී ලබාදෙන ලදී. නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් කුසලා විජේරත්න මෙ⁣නවියගේ මූලික අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අදාල ග්‍රාම නිලධාරි වසම්වල සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරින් හා මෙම ව්‍යාපෘතිය සදහා පුහුණු ලැබූ නිලධාරින්ගේ පසුවිපරම් සහ අවශ්‍ය මැදිහත් වීම් මගින් ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට අපේක්ෂිතය. ප්‍රතිලාභීන් 50 දෙනෙකු සදහා මූලික ව්‍යාපෘතිය යට⁣තේ භාණ්ඩ ලබාදෙන ලද අතර ඉදිරියේදී තවත් ප්‍රතිලාභීන් 100 දෙනෙකු සදහා බීජ හා කාබනික පොහොර ලබාදීමට නියමිතය.

News15

News15

News & Events

News & Events

Scroll To Top