නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය හා එකමුතු වැඩිහිටි ඒකාබද්ධ බලමණ්ඩලය සංවිධානය කරන ලද ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් උත්සවය 2022.10.05 දින පවත්වන ලදී.

කොට්ඨාසයේ වැඩිහිටි සමිති නියෝජනය කරන වැඩිහිටියන්ගේ නර්තන හැකියාවන් ඉදිරිපත් කිරීම සඳහා නර්තන තරගාවලියක් පවත්වන ලදී. එම නර්තන තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම් වලට මුදල් ත්‍යාග ලබා දුන් අතර, වැඩසටහන සඳහා සහභාගී වූ සියළු වැඩිහිටියන්ට තිළිණයක් ලබා දීමටද කටයුතු කරන ලදී. ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා  නොච්චියාගම PDG සමූහ ව්‍යාපාරයේ දිලංකගේ ඥානරත්න මහතා ඇතුළු අනුග්‍රාහකයන් රැසක් දායකත්වය දැක්වීය.

News15

News15

News15

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා විදාතා සමිපත් මධ්‍යස්ථානය එක්ව සබන් සහ හදුන්කූරු නිෂ්පාදනය කිරිමේ  පුහුණු වැඩසටහනක් 2022.09.28 දින පැවැත්විණි.

මේ සඳහා සමෘද්ධි, වැන්දඹු, අබාධිත පවුල්වල ප්‍රතිලාභීන් සහ විදාතා, කුඩා ව්‍යාපාර  අංශය සමග සම්බන්ධ ප්‍රතිලාභීන් 26 දෙනකු පමණ සම්බන්ධ වූ අතර නාච්චාදුව විදාතා සම්පත් මධ්‍යස්ථානයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරි ජි.එස්.ගුණරත්න මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

News15

කළාප මට්ටමින් සමෘද්ධි වැඩසටහනේ ප්‍රගතිය හා ගැටළු සාකච්ඡා කිරීම සදහා ළිදවැව හා ⁣දොඹවලගම කළාප දෙක සදහාවු වැඩසටහන් ප්‍රාදේශිය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.09.22 දින පැවැත්විණි.  කළමණාකාර මහත්ම මහත්මීන් හා කළප දෙකෙහි සමෘද්ධි සංවර්ධන නිළධාරීහු මෙම අවස්ථාවට එක්වුහ.

News15

නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේතුව එක්ව සංවිධානය කල රැකියා වෙළඳපොළ 2022.09.27 දින නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මේ සඳහා රැකියා අපේක්ෂිතයන් 200  දෙනකුට ආසන්න පිරිසක් එක්ව සිටි අතර, රැකියා නියෝජිත ආයතන රැසක්ද එක්ව සිටියහ. දිනය තුලදීම රැකියා අවස්ථා රැසක් ලබාගැනීමට පැමිණි පිරිසට අවස්ථාව හිමිවිය.

ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ සහකාර ප්‍රාදේශිය ලේකම් කුසලා විජේරත්න මෙනවිය ඇතුළු කාර්යාල නිළධාරීහු මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මානව සම්පත් නිළධාරිණී ලලංජනී ගුණරත්න මහත්මිය මෙහි සංවිධාන කටයුතු  මෙන්ම සම්බන්ධීකරණ කටයුතු  ද සිදුකරන ලදී.

News15

News15

News15

උතුරැමැද පළාත් සභාවේ මෙහෙයවීම යටතේ සැප්තැම්බර් 24  වෙන දින පළාත්  සභා පරිශ්‍රයේ පැවැත්වෙන රන් මාවත වෘත්තිය මාර්ගෝපදේශණ වැඩසටහන සම්බන්ධව නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2022.09.23 දින ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශිය  ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පළාත් සංස්කෘතික අධ්‍යක්ෂිකා දුර්ගා ජයසිංහ මහත්මිය ⁣මෙම දැනුවත් කිරීම සිදු කරන ලදි.

News15

News & Events

News & Events

Scroll To Top