මෙම සබැඳිය හරහාද අයදුම්පත්‍රය භාගත කිරීම සිදු කළ හැක.
https://drive.google.com/file/d/1pL9ywTxzG0VU7MUMHPilVQjah2vCzcVF/view?usp=sharing


මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ පෙර පාසල් යන වයසේ දරුවන් සිටින දෙමාපියන් දැනුවත් කිරීමේ දෙදින පුහුණු වැඩසටහනක් 2022.08.25/26 දිනවල නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

"සිරස ගම්මැද්ද" වැඩසටහනේ අනුග්‍රහයෙන්, දරුවන්ට පාසල් යාමට ප්‍රවාහන දුෂ්කරතා ඇති පවුල් දෙකක් සඳහා පාපැදි ප්‍රධානය කිරීම පසුගියදා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.
මෙම පාපැදි ලබා ගැනීම සිරස මාධ්‍යවේදී Ifam Mohamed මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදු විය.

යල කන්නයේ වී අස්වනු නෙලීම සඳහා ගොවීන් වෙත ඉන්ධන නිකුත් කිරීම 2022.08.14 දින නොච්චියාගම සමනල ඉන්ධන පිරවුම්හලේදී ආරම්භ කරන ලදී.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත් වීම මත ලැබෙන ඉන්ධන තොග අස්වනු නෙලීමට ඇති සියලුම ගොවීන් වෙත නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා නොච්චියාගම හා රනෝරාව ගොවිජන සේවා මධ්‍යස්ථාන වල අධීක්ෂණය යටතේ අදියර කිහිපයකින් ලබා දීමට නියමිතය. මේ ආකාරයටම සෝයා අස්වනු නෙලීම සඳහා අවශ්‍ය ඉන්ධනද ඉදිරියේදී ලබා දීමට අපේක්ෂා කරනු ලැබේ.
















