ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ මග පෙන්වීම යටතේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන් රැසක් විවිධ අංශයන් මගින්  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය පුරා සංවිධානය කර තිබුණි. ඒ අතරින් 336 දුණුදඹුවැව සමෘද්ධි නිළධාරිණී බිසොමැණිකේ මහත්මිය ඇතුළු ප්‍රජාමුල සංවිධානය සංවිධානය කල ගැබිණි මව්වරුන් ඇගයීමේ හා රසවින්දනාත්මක දැනුවත් කිරීමේ වැඩ සටහන 2022.03.16 වෙනි දින දොන් බොස්කෝ ආයතනයේදී පැවැත්විණි.

ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමන් ඇතුළු නිළධාරී රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ගැබිණි මව්වරුන් සදහා තිළිණ හා රසකැවිළි බෙදා දීම ද සිදු කෙරිණි.

News15

ලෝක කාන්තා දිනයට සමගාමීව මූල්‍ය සාක්ෂරතාව සහ බැංකුකරණය පිලිබද  කාන්තා ව්‍යවසායිකාවන් දැනුවත්  කිරීමේ වැඩසටහනක්, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සංවිධානයෙන් නොච්චියාගම ලංකා බැංකුව හා ශ්‍රී ලංකා මහ බැංකුවේ සම්පත් දායකත්වයෙන් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2022.03.15 දින පැවැත්විණි.

News15

කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය මගින් 2022 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වූ හොදම ව්‍යවසායිකාව තේරීමේ තරඟයේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යාවසායිකාව ලෙස තේරී පත්වූ නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 350 පහළහල්මිල්ලෑව ග්‍රාම නිලධාරී වසමේ මානෙල් කුමාරි මහත්මිය ඇගයීමට ලක්කිරීම පසුගියදා සිදු විය.

නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවති ප්‍රදේශයේ ව්‍යවසායිකාවන් දැනුවත් කිරීමේ උත්සවයකදී ඇයව මෙලෙස ඇගයීමට ලක්කිරීම සිදුවිය.

News15

2022.03.15 දින කොකාවිද්දවැව ළමා මුතු ළමා සමාජයේ, ළමා සමාජ රැස්වීම පවත්වන ලද අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකමි ප්‍රවර්ධන නිලධාරී නුවන් සංජීව මහතා මෙය සංවිධානය කරන ලදී.

News15

News & Events

News & Events

Scroll To Top