පෙර පාසල් දරුවන්ගේ මනෝ සමාජීය තත්ත්වයන් අවබෝධ කරගැනීමේ වැදගත්කම සහ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පෙර පාසල් දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින ළිඳවැව, පනන්කානිය, ශිල්ප ශක්ති පෙර පාසලේදී පවත්වන ලදි.පෙර පාසල් දරුවන්ගේ මනෝ සමාජීය තත්ත්වයන් අවබෝධ කරගැනීමේ වැදගත්කම සහ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පෙර පාසල් දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින ළිඳවැව, පනන්කානිය, ශිල්ප ශක්ති පෙර පාසලේදී පවත්වන ලදි.ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී සහ උපදේශන නිලධාරී විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි.

වත්මන් රජයේ වේවැල්, පිත්තල, මැටි ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපත්තියකට අනුව "එක් ගමකට එක් ව්‍යවසායකයෙක්" බිහි කිරීමේ ව්‍යාපෘතිය විදාතා මධ්‍යස්ථාන කේන්ද්‍රව සිදුකිරීමට අපේක්ෂා කල අතර, එහි වගකීම විදාතා නිලධාරීන්ට පවරනු ලැබීය. ඒ අනුව නොච්චියාගම ප්‍රාදේශීය විදාතා සංසදයේ ප්‍රතිලාභීන් 36 දෙනෙකු සදහා ස්වයං රැකියා උපකරණ බෙදාදීම 2022.01.14 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදු කරනු ලැබීය.වත්මන් රජයේ වේවැල්, පිත්තල, මැටි ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපත්තියකට අනුව "එක් ගමකට එක් ව්‍යවසායකයෙක්" බිහි කිරීමේ ව්‍යාපෘතිය විදාතා මධ්‍යස්ථාන කේන්ද්‍රව සිදුකිරීමට අපේක්ෂා කල අතර, එහි වගකීම විදාතා නිලධාරීන්ට පවරනු ලැබීය. ඒ අනුව නොච්චියාගම ප්‍රාදේශීය විදාතා සංසදයේ ප්‍රතිලාභීන් 36 දෙනෙකු සදහා ස්වයං රැකියා උපකරණ බෙදාදීම 2022.01.14 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදු කරනු ලැබීය.
මේ අවස්ථාව සදහා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පී. එස්. කුමාරසිරි මහතා සහ නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු දේශපාලන නියෝජිතයින්, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභීන් එක් වූහ.

සමෘද්ධි හා අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරා ගත් ප්‍රතිලාභීන් සඳහා උපකරණ කට්ටල බෙදා දීමේ දෙවන අදියර 2022.01.06 දින රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්.ඒ. වසන්ත මහතා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ සියළු නිලධාරීන් හා ප්‍රතිලාභීන් රැසක් සහභාගී වූහ.





අවුරුදු අටක් මුල් ළමාවිය සංවර්ධන සහකාර ලෙස අප කාර්‍යාලයේ සේවය කර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු වීම් ලබා යන එස්.ජී. රත්නායක මහතා වෙනුවෙන් සමුදීම හා කාර්යාලයේ සමෘද්ධි අංශයේ සේවයේ නියුක්තව සිට විශ්‍රාම ලබා සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරි ආර්.කුමාරි දිසානායක මහත්මිය හා කේ.බී. ඉන්ද්‍රාවතී මහත්මිය වෙනුවෙන් පවත්වන ලද සමුදීමේ උත්සවය ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2022.01.12 දින පැවැත්වුණි.අවුරුදු අටක් මුල් ළමාවිය සංවර්ධන සහකාර ලෙස අප කාර්‍යාලයේ සේවය කර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු වීම් ලබා යන එස්.ජී. රත්නායක මහතා වෙනුවෙන් සමුදීම හා කාර්යාලයේ සමෘද්ධි අංශයේ සේවයේ නියුක්තව සිට විශ්‍රාම ලබා සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරි ආර්.කුමාරි දිසානායක මහත්මිය හා කේ.බී. ඉන්ද්‍රාවතී මහත්මිය වෙනුවෙන් පවත්වන ලද සමුදීමේ උත්සවය ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2022.01.12 දින පැවැත්වුණි.
එහිදී ඔවුන්ගේ අනාගත කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු සියළු නිලධාරීන් සුභාෂිංසන එක්කරන ලදී.

උදාවූ 2022 වසරේ රාජකාරි ආරම්භ කිරීමට සමගාමීව නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ආගමික වතාවත් සිදු කෙරිණි.නොච්චියාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි, හල්මිල්ලගල දුටුගැමුණු රජමහ විහාරස්ථානයේ විහාරාධිකාරී මානෙල්වැව විමලජෝති ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන්, නොච්චියාගම විහාරස්ථානයන්හි මහා සංඝරත්නය පිරිත් සජ්ජායනය සිදුකරමින් ආශිර්වාද කිරීම සිදු කළහ. ඉන් අනතුරුව 2022 ජනවාරි 08 උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානය හා පිරිකර පූජා කරමින් දානමය පිංකමක් ද සිදු කෙරිණි.

















