කොවිඩ් උවදුරින් පීඩාවට පත් ගැබිණි මව්වරුන් ඇතුළු පවුල් 55 සඳහා වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇහැටුවාගම වසමේ කුඩාවැව විහාරස්ථානයේදී 2021/06/14 දින සිදුවිය. ඇහැටුවාගම වසමේ පදිංචි පරිත්‍යාගශීලීයකු වන මංගල තුසිත වික්‍රමසිංහ මහතාගේ පුර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම ආහාර ද්‍රව්‍ය ලබා දුන් අතර ග්‍රාම නිළධාරී එරන්ද පද්ම විජේදාස මහතා, වසමේ සංවර්ධන නිලධාරී හා සමෘද්ධි සංවර්ධන නිලධාරී මෙහි සියළු සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී. මෙම අවස්ථාවට සමෘද්ධි සංවර්ධණ නිළධාරිණී කේ.ඩී මැණිකේ මහත්මිය, සංවර්ධණ නිළධාරිණී ශිරෝමි ජයලත් මහත්මිය, කුකුල්කටුව විද්‍යාලයේ ආචාර්ය අජිත් මහතා, මංගල තුසිත මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ද මෙම අවස්ථාවට එක්වූහ. මෙහිදී එක් අයකුට රුපියල් 5000 පමණ වටිනාකමකින් යුතු ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සලය බැගින් ලබාදීමට කටයුතු කර තිබුණී. 326 වසමේ තරුණයින් පිරිසක්ද මෙම සංවිධාන කටයුතු සදහා එක්ව සිටියහ.

නොච්චියාගම Vogue Tex ඇඟළුම් කම්හලේ සේවකයන් 650 කට වැඩි ප්‍රමාණයකට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම නොච්චියාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් 2021/06/12 දින සිදු කරන ලදී.

කොවිඩ් උවදුරින් පීඩාවට පත් අසරණ පවුල් 112 සදහා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක් 2021/06/10 දින සිදු විය. නොච්චියාගම චින්තාස් ස්ටෝර්ස් අධිපති පී.එම් සුමතිපාල මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම ආහාර ද්‍රව්‍ය බෙදා දිම සිදු විය. ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ වසම්භාර ග්‍රාම නිළධාරී මහත්ම මහත්මීන් මෙම පවුල් තෝරාගැනීම සිදු කරන ලදී. 334 වසම භාර ග්‍රාම නිළධාරි චමල් ධනපාල මහතා මෙම කටයුත්ත සම්බන්ධීකරණය කරන ලදී. ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් සහ සුමතිපාල මහතාගේ පවුලේ පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ .සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ස්ථාන කිහිපයකදී මෙම අහාර ද්‍රව්‍ය බෙදා දිමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් කටයුතු සම්පාදනය කර තිබුණි.

334 නොච්චියාගම වසමේ සහ 333 කුසුම්පුර වසමේ වයස අවුරුදු 60 වඩා වැඩි පුද්ගලයින් සදහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම නොච්චියාගම විද්‍යාදර්ශ මහා විද්‍යලයේදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් 2021/06/10 දින සිදු කරන ලදී.

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසම් වල ක්ෂේත්‍ර නිලධාරීන්ට සහ නොච්චියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට මෙන්ම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරින් සදහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අද දින (2021/06/09) සිදු කෙරිණි.















