
කොට්ඨාශය තුල ඇති වී තිබෙන අවදානම් තත්ත්වය පිළිබඳව අවධානය යොමුකර විශේෂ තීරණ රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම සදහා ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ මූලිකත්වයෙන් 2021.01.06 දින ප්‍රාදේශීය කොරෝනා මෙහෙයුම් කමිටුව රැස් විය.

අංක 326 ඇහැටුවාගම ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 25 දෙනෙකු සඳහා පාසල් උපකරණ ලබාදීම 2021.01.05 දින කුඩාවැව විහාරස්ථානයේදී නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. කුඩාවැව විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේ ඇතුළු ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක් පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා මූල්‍ය දායකත්වය ලබාදී තිබුනි. වසමේ ග්‍රාම නිලධාරී එරන්ද විජේදාස මහතාගේ අදහසක් අනුව, ආර්ථික සංවර්ධන නිලධාරී ශිරෝමි ජයලත් මහත්මියගේ සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර හා උපාධිධාරී අභ්‍යාසලාභීන් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දී තිබුනි. තම රාජකාරිසීමාවෙන් ඔබ්බට ගොස් වසමේ ආර්ථික අපහසුතා සහිත දුවා දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සඳහා මෙවැනි සමාජ සත්කාරයක් ක්‍රියාත්මක කල වසමේ නිලධාරීන්ට හා සහාය දැක්වූ සියලු දෙනාටම ප්‍රාදේශීය ලේකම්වරයාගේ විශේෂ ස්තූතිය හිමිවිය.

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතුව සිට ස්ථාන මාරුවීම් ලැබ යනු ලබන සමෘද්ධී මුලස්ථාන කළමණාකාරිණී සුසන්තා මල්කාන්ති මහත්මියට සහ සමාජසේවා නිළධාරිණී මැණීකේ මහත්මියට සමුදීමේ උත්සවය 2021.01.04 දින ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත් විණී. මෙහිදී අදහස් දැක්වු ප්‍රාදේශීය ලේකම් තුමන් පවසා සිටියේ ඉතාම ක්‍රියාශීලී විශ්වාස වන්ත නිළදාරිණීයන් දෙපලක් මෙලෙස ස්ථානමාරුවි යාම කාර්යාලයට මෙන්ම ප්‍රදේශයටද විශාල පාඩුවක් බවයි. එසේ උවද රාජ්‍ය සේවයේ යථාර්ථයට සියළු දෙනා මුහුණ දියයුතු බවයි. කාර්යාලීය සුභසාධක සංගමය මගින් මෙම උත්සවය සංවිධානය කරන ලද අතර සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිළධාරීහු රුසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලෙන් ජනතාව බේරාගැනීමේ අරමුණින් ඔවුන් දැනුවත් කිරීම සදහා අනුරාධපුර දිස්ත්‍රීක්කය කේන්ද්‍ර කර ගනිමින් පැවති වැඩ සටහන් මාලවේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නොච්චියාගම කළාපයේ වැඩසටහන, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.01.03 දින පැවැත් විණී. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මංත්‍රී කේ.පී.ඒස් කුමාරසිරි මහතා ඇතුළු දේශපාලන නියොජිතයින්ද ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීහු රැසක්ද එක්විය.

රටේ පැවති Covid 19 වසංගත රෝග තත්වය හමුවේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජීවත්වන ජනතාවගේ සාමාන්‍ය ජනජීවිතය යථාවත්ව පවත්වාගෙන යාම සඳහාත් රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහාත් ක්‍රියාත්මක කළ වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහාත් කැපවීම කළ සියළු නිළධාරීන් අගයමින් ප්‍රශංසාත්මක ලිපි නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා කටයුතු කර තිබුණී. එහිදී එක් එක් අංශ නියෝජනය කරමින් සංකේතාත්මකව එම ප්‍රශංසාත්මක ලිපි ලබා දීම 2021.01.01 දින සිදුවිය.














