2021/06/03 අවසරපත් ලබා දුන් පුද්ගලයින්ගේ තොරතුරු...
| අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රවාහණ බලපත්‍ර නිකුත් කිරීම | |||||||||
| (කොට්ඨාශය තුළ ජංගම වෙළඳාම් කටයුතු සඳහා) | |||||||||
| අනු අංකය | බලපත්‍ර අංකය | දිනය | ලබාදුන් පුද්ගලයා/ආයතනය | ජා.හැ. අංකය | දුරකතන අංකය | වාහන අංකය | ප්‍රවාහනය කරන ද්‍රව්‍යය | ගමන් කරන පුද්ගලයින් ගණන | වලංගු කාල සීමාව |
| 95 | NOC/06/10 | 2021.06.03 | එස්.සී.ඩී.බී.පී. චන්ද්‍රසිරි, වනමල්ගම, හුණුවිලගම, විල්පත්තුව | 861094403V | 077-8378950 | LD-3266 | එළවලු | 2 | 2021.06.13 |
| 96 | NOC/06/11 | 2021.06.03 | කේ. කේ. පී. චන්ද්‍රසේන, මාතර බත් කඩේ, පහළමාරගහවැව | 960902601V | 071-4998529 | PH-8516 | බේකරි නිෂ්පාදන | 2 | 2021.06.13 |
| 97 | NOC/06/12 | 2021.06.03 | එච්. කේ. රාමකුමාර, කුමාර බේකර්ස්, පශු වෛද්‍ය කාර්යාලය ඉදිරිපිට, නොච්චියාගම | 562870725V | 071-5890033 | ABL-7754 | බේකරි නිෂ්පාදන | 2 | 2021.06.13 |
| 98 | NOC/06/13 | 2021.06.03 | එම්. ඒ. ඩී. පුෂ්පකුමාර, අංක 03, පුත්තලම් පාර, නොච්චියාගම | 752671354V | 077-6267043 | NC PQ-3870 | බේකරි නිෂ්පාදන | 3 | 2021.06.13 |
| 99 | NOC/06/14 | 2021.06.03 | එස්. එම්. කීර්තිසේන, ඔත්තප්පුව, ගාලදිවුල්වැව | 196211203440 | 078-8921652 | NC BJB-3869 | මාළු | 1 | 2021.06.13 |
| 100 | NOC/06/15 | 2021.06.03 | එම්. එල්. අමිල ප්‍රසාද් ලියනගේ, පුත්තලම් පාර, නොච්චියාගම | 891062150V | 071-0642064 | PV-4898 | කරවල | 2 | 2021.06.13 |
සංචරණ සීමා බල පැවැත්වෙන කාලය තුළදී විශේෂ අවශ්‍යතාවයන් සඳහා පුද්ගලයින් හට දිස්ත්‍රික්ක/පළාත් අතර ගමන් කිරීමට අවසර ලබා ගැනීමට අවශ්‍ය අයදුම් පත පහතින් ලබා ගත හැක. මෙය සම්පූර්ණ කර කාර්යාලයට ලබා දීමෙන් පසු අවශ්‍ය අවසර පත්‍රය ලබා ගත හැක.

73 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහනක් 2021.02.04 දින දුනුපොතගම විද්‍යා ප්‍රදීප විද්‍යාලයේදී පවත්වන ලදී. පාසල් දරුවන් සම්බන්ධ කරගනිමින් විද්‍යාල භූමියේ කළුවර පැළ 200ක් රෝපණය කරන ලද අතර, එම පැළ නඩත්තු කිරීම දරුවන් 200 දෙනෙකුට පවරන ලදී.

ඉඩම් හිමිකමක් නොමැති අය සදහා හිමිකම් පත්‍ර ලබා දීම 2021.02.12 දින නොච්චියාගම ඇහැටුවාගම ග්‍රාම නිලධාරී වසමේ පැවැත්විණි.

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2021 වර්ෂයේ පළමු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම දොන් බොස්කෝ ආයතනයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් 2021.01.26 දින පවත්වන ලදී. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා සම්බන්ධීකරණ කමිටු සභාපති කේ.පී. එස්. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වන ලදී. නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති චමින්ද ප්‍රදීප් රණවීර මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු ආයතන ප්‍රධානීන් හා රාජ්‍ය නිළධාරීහු රැසක්ද මෙම අවස්ථාවට එක් වූහ. මෙහිදී පිළිැනීමේ කථාව හා අරමුණ පැහැදිළි කල ප්‍රාදේශීය ලේකම් තුමන් පවසා සිටියේ ග්‍රාමීය හා ආයතන මට්ටමින් ඇති ගැටළු කල්වේලා ඇතිව සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබාදීමට කටයුතු කරන්නේ නම් ඒ සදහා විසදුම් කඩිනමින් ලබා දිය හැකි බවයි. ඒ හරහා මෙම කමිටුවේ ඵලදායිතාව ඉහල නංවාගත හැකි වන බවද ඔහු සඳහන් කරන ලදී. මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී .එස් .කුමාරසිරි මහතා පවසා සිටියේ මැතිවරණ සමයේ විවිධ පුද්ගලයින් වෙනුවෙන් උදවු කල පිරිස් සිටියද දැන් ඒ් සියල්ල අමතක කර ප්‍රදේශයේ සංවර්ධනය සඳහා සියළු දෙනාම එක්ව කටයුතු කල යුතු බවයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව "ගම සමග පිළිසදරක් වැඩ සමග යලි ගමට" වැඩසටහන හරහා විවිධ ක්ෂේත්‍ර යටතේ ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමා පැවසීය.
මෙහිදී 2021 වසර සදහා "වැඩ සමඟ යලි ගමට" වැඩසටහන යටතේ ග්‍රාමීය මට්ටමින් ඉදිරිපත් වූ ව්‍යාපෘති යෝජනා 1015 ක් ඉදිරි කටයුතු කිරීම සඳහා අනුමත කරන ලදී. මෙයට අමතරව ආයතනික මට්ටමින් ඇති ගැටළු මෙන්ම ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා ගත යුතු තීන්දු රැසකටද එළඹෙන ලදී. තරුණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට මෙන්ම රංග ශාලාවක් ඉදිකිරීමටද මෙහිදී යෝජනා ඉදිරිපත් කරන ලදී. එමෙන්ම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටළු රැසකටද විසදුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. "වැඩ සමඟ යළි ගමට" වැඩසටහන සාර්ථක කර ගැනීමට ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු වසම්භාර නිළධාරීන් විශාල සහයෝගයක් ලබා දුන් බවත් ඒ් වෙනුවෙන් සිය ස්තුතිය ප්‍රකාශ කරන බවත් උපසභාපති තුමන් පැවසීය. ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ සංවර්ධන අංශයේ කාර්ය මණ්ඩලය මෙම රැස්වීම සංවිධානය කරන ලදී.














