2022 අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දැනුවත් කිරීමෙි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම පාර්ලිමේන්තු මංත්‍රී හා ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපති කේ.පී.එස්. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් නොචිචියාගම දොන් බොස්කෝ ආයතනයේදී අද දින (2021/12/20) පැවැත්වේ. දේශපාලන නියෝජිතයින් හා ප්‍රාදේශිය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු ආයතන ප්‍රධානීන් හා රාජ්‍ය නිළධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටී. මෙහිදි 2022 වර්ෂයේ දී ජීවනෝපාය සංවර්ධනය මුලීක කර ගනිමින් කාර්තු වශයෙන් සංවර්ධන ව්‍යපෘති ක්‍රියාත්මක කල යුතු ආකාරය පිළිබදව පුළුල් දැනුවත් කිරීමක් මෙහිදී සිදු කරනු ලබයි. ප්‍රාදේශිය ලේකම් අසංක රත්නායක මහතාගේ උපදෙස් මත ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිළධාරීන් මෙම රැස්වීම සංවිධානය කරන ලදි.

මුදල් අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීම උදෙසා "සෞභාග්‍යා සමෘද්ධි අරණලු" ස්වයං රැකියා වැඩසටහන යටතේ තෝරාගත් සුදුසුකම්ලාභීන් අතරින් නොච්චියාගම සමෘද්ධි බැංකු කලාප 3ම ආවරණය වන පරිදි සුදුසුකම්ලාභීන් 38 දෙනෙකු සදහා සංකේතාත්මකව රුපියල් 50,000 ත් 100000 අතර වටිනාකමින් යුතු මහන මැෂින්, වතුර මෝටර්, තණකොළ කැබලි කිරීමේ මැෂින්, වඩු උපකරණ ආදිය බෙදාදීම අද (2021/12/16) දින ගරු සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය හා ස්වයං රැකියා රාජ්‍ය අමාත්‍ය, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා නොච්චියාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් පා.ම. කේ පී එස් කුමාරසිරි මහතාගේ සහභාගීත්වයෙන් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේදී සිදුකෙරිණි. මුදල් අමාත්‍යංශය සහ සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් ඉදිරියේදී නොච්චියාගම ග්‍රාම සේවා වසම් 36 ම, සමෘද්ධි බැංකු කලාප 3ම ආවරණය වන පරිදි සමෘද්ධිලාභී සහ ව්‍යවසායකත්ව හැකියාව සහ උනන්දුව සහිත පුද්ගලයින් සදහා ගම්මිරිස් පැළ තවාන්, පශු සම්පත්, සත්ත්ව පාලන, කෘෂි සහ රසකැවිළි නිෂ්පාදන ආදී විවිධ ක්ෂේත්‍ර සදහා අවශ්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය, නිෂ්පාදන උපකරණ සහ තාක්ෂණික පුහුණුව ලබාදෙමින් ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා ශක්තියක් ලබාදීමට කටයුතු කරනු ඇත. මෙම අවස්ථාවට නොච්චියාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන්, නොච්චියාගම සමෘද්ධි බැංකු මූලස්ථාන කළමනාකාර අජිත් පුෂ්පකුමාර මහතා, බැංකු සමිති කළමනාකාර රජීව් ශ්‍රී බණ්ඩාර මහතා, ව්‍යාපෘති සහකාර (නොච්චියාගම), නොච්චියාගම වසම් වල රාජකාරීයේ නිරත සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ ප්‍රතිලාභී මහත් මහත්මීන් ද සහභාගී විය.

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල "සාහිත්‍ය තරඟාවලියේ ප්‍රතිඵල රැගත්නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල "සාහිත්‍ය තරඟාවලියේ ප්‍රතිඵල රැගත් *"2021 ප්‍රාදේශීය සාහිත්‍ය මහෝත්සවය* " 2021 දෙසැම්බර් 08 වන බදාදා කාර්යාලයේ රැස්වීම් ශාලාවේ පැවැත්විණ. මේ සදහා සංස්කෘතික අංග කිපයක් උත්සවය විචිත්‍රවත් කිරීම සදහා එක්කර තිබුනි. මෙම වර්ශයේ අප කොට්ඨාසයේ කලාභූෂන සම්මානයෙන් පිදුම් ලැබූ සේනාරත්න දිසානායක මහතා විසින් එතුමාගේ කලා දිවිය පිළිබද සභාව දැනුවත් කල අතර ඒ සදහා හිටිවන කවියද උපයෝගී කරගනිමින් අත්දැකීම් බෙදාහදාගන්නා ලදී. ප්‍රාදේශීය ලේකම්තුමාගේ කතාවේදී ප්‍රථමයෙන් කොරෝනා වසංගතය හමුවේ වුවද මෙම තරඟාවලිය පැවැත්වීමේ සහ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුයුක්තව සරලබවින් උත්කර්ෂවත් අන්දමට උත්සවය සංවිධානය කල ප්‍රාදේශීය ලේකම් කාරයාලයේ සියලු දෙනාට ස්තූති කරන ලදී. ඉන්පසු ලබන වර්ශයේ සංස්කෘතික බලමණ්ඩලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ඉදිරි වැඩකටයුතු කලයුතු ආකාරය පිළිබඳ සභාව දැනුවත් කරන ලදී. ඉන් අනතුරු මෙම වර්ශයේ සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහකයන්ට සුභපැතුම් එක්කරන ලදී.

භෞතික සම්පත් මනා ලෙස හසුරුවා තම සේවා පියස භාවිතයෙන්, තම ග්‍රාම නිලධාරී බල ප්‍රාදේශයේ ජනතාවට කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැප වන සියළු ග්‍රාම නිලධාරී මහත්ම මහමීන් අතරින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රථම ස්ථානය දොඹවලගම ග්‍රාම නිලධාරී නිසංසලා ඒකනායක මහත්මිය ලබා ගන්නා ලදී. ප්‍රථමස්ථානය ලබා ගත් ග්‍රාම නිලධාරී නිසංසලා ඒකනායක මහත්මියට ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියළු නිලධාරීන්ගේ භෞතික සම්පත් මනා ලෙස හසුරුවා තම සේවා පියස භාවිතයෙන්, තම ග්‍රාම නිලධාරී බල ප්‍රාදේශයේ ජනතාවට කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැප වන සියළු ග්‍රාම නිලධාරී මහත්ම මහමීන් අතරින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රථම ස්ථානය දොඹවලගම ග්‍රාම නිලධාරී නිසංසලා ඒකනායක මහත්මිය ලබා ගන්නා ලදී. ප්‍රථමස්ථානය ලබා ගත් ග්‍රාම නිලධාරී නිසංසලා ඒකනායක මහත්මියට ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියළු නිලධාරීන්ගේ "උණුසුම් සුභ පැතුම්"...

නොච්චියාගම විද්‍යාදර්ශ මහා විද්‍යාලයේ 88 මිතුරු කැළ සංවිධානය කරන ලේ දන්දීමේ වැඩසටහන සඳහා රුධිර පරිත්‍යාගශීලී ඔබ සැමට ආරාධනා!!!















